Friday 19th of June 2026

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාවේ ලෙනාර්ඩ් ජස්ටින්ට ප්‍රෝ ෆිසික් කායවර්ධන රන් පදක්කම


2024-11-01 15216

ශ්‍රී ලංකාවේ ලෙනාර්ඩ් ජස්ටින් මෙවර ආසියානු පැසිෆික් ආධුනික ප්‍රෝ ෆිසික් කායවර්ධන තරගාවලියේදී රන් පදක්කම් 4ක් දිනාගෙන තිබේ.

2024 ආසියානු පැසිෆික් ආධුනික ප්‍රෝ ෆිසික් කායවර්ධන තරගාවලිය රටවල් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඕස්ට්‍රේලියාවේදී පැවැත්විණි.

එහි කායවර්ධන පිරිමි විවෘත සහ අන්තර් මධ්‍යම අංශ දෙකෙහිම රන් පදක්කම් දිනා ගත්තේගැනීමට ලෙනාර්ඩ් ජස්ටින් සමත්ව ඇත.ඔහු පිරිමි පිසික් විවෘත සහ අන්තර්මධ්‍යම අංශ දෙකෙන්ද රන් පදක්කම් දිනාගත් අතර ප්‍රෝ අංශයේ ශූරතාවටද හිමිකම් කීවේය.

29 හැවිරිදි ලෙනාර්ඩ් ජස්ටින් මෙම තරගාවලියේ ආධුනික අංශයේ දැක්වූ දක්ෂතා මත ප්‍රෝ අංශයෙන් තරග කිරීමට අවස්ථාව ලබාගැනීමද විශේෂත්වයකි

Advertiesment